ගැහැණු ළමයා ??? ඉංග්රීසි බසින් ගැහැණු ළමයා යන්න හදුන්වන girl යන වචනය මධ්යතන යුගයේදී එංගලංතයේ විසූ ඇංලෝ සැක්සස්වරුන්ගේ බසේ පැවති gerle යන වචනයෙන් බිදී ආවකි. ඇංලො සැක්සස්වරුන්ගේ මෙම වචනයේ අරුතවී තිබුනේ ඔවුන් භාවිතකල ඇදුමක නමකි.අවිවාහක ස්ත්රියන් හැදින්වීමටද ඇතැම්විට ගැහුණු ළමයා යන යෙදුම යොදාගනී .සිංහල බසින් දැරිය , ළදැරිය , කෙල්ල , ළමිස්සි , මානවිකාව , බාලිකාව , ගැටිස්සී , පැටික්කී , යුවතිය , කුමරිය , සිසුවිය ආදී නාමයන්ද භාවිත වේ